වචන සැකසීම (Word Processing) සහ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් (Desktop Publishing)
අකුරු, ඉලක්කම් (Text) රූප සටහන් සහ පින්තූර භාවිතයෙන් ලිපියක් සකස් කර ගැනීමට අපට උපකාර වන මෘදුකාංග වැඩසටහන් වචන සැකසුම් වැඩසටහන් ලෙස හඳුන්වනු ලැබේ. එවැනි වැඩසටහන් කිහිපයක් ඇත:
උදා:
- Word Pro
- Word Star
- Word Perfect
- MS Word 98/2000/XP/2003/2007/2013/2016/2019/2021/2025/Office 365
- WPS Office
- LibreOffice
MS Word හැඳින්වීම
Microsoft සමාගම විසින් හඳුන්වා දුන් උසස් තත්වයේ වචන සැකසුම් වැඩසටහනකි MS Word. මෙම වැඩසටහන දැනටමත් ඇති අනෙක් වැඩසටහන් වලට වඩා විශාල වෙනස්කම් රැසක් ඇත. එලෙසම අන්තර්ජාල සේවාවන් වන E-mail, වෙබ් පිටු නිර්මාණය වැනි පහසුකම්ද මෙයට සම්බන්ධ කර ඇත.
MS Word මගින් වෘත්තීය මට්ටමෙන් උසස් ලිපියක් සාදා ගැනීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දී ඇත. මෙම නවතම සංස්කරණය කාලය ඉතිරි කරන ප්‍රයෝජනවත් මුහුණුවර රැසකින් සමන්විත වේ. එලෙසම භාවිතා කරන්නාට තමා කැමති භාෂාවකින් ලිපියක් සාදා ගැනීමටද මෙය ඉඩ සලසා ඇත.
MS Word ආරම්භ කිරීම
Start → All Programs → MS Office → MS Word
- Title Bar (මාතෘකා තීරුව)
- Minimize (කුඩා කිරීම)
- Maximize (විශාල කිරීම)
- Close (වසා දැමීම)
- Menu Bar (මෙනු තීරුව)
- Standard Tool Bar (සම්මත මෙවලම් තීරුව)
- Formatting Tool Bar (හැඩතල ගැන්වීමේ මෙවලම් තීරුව)
- Ruler (රූල)
- Cursor (කර්සරය)
- Scroll Bars (සමතල තීරු)
- View buttons (දර්ශන බොත්තම්)
- Status bar (තත්ව තීරුව)
- Task bar (කාර්ය තීරුව)
ඩෙස්ක්ටොප් පබ්ලිෂින් (Desktop Publishing)
යම් ලිපියක් සාදා ගැනීම සඳහා text සහ රූප (graphics) එකට එකතු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංගයකි. මෙවැනි වැඩසටහන් සඟරා, වාර්තා, අත්පත්‍රිකා, පොත්, පුවත්පත් ලිපි, පෝස්ටර් වැනි දේ නිර්මාණය කිරීමට භාවිතා කරයි.
උදා:
- Corel Draw
- Page Maker
- Publisher
- Photoshop
- Quark Express
- Illustrator

0 Comments